යාවජීව නායකත්වය පමණක් ඉතිරිකර - එජාපය මර ගී ගයනු ඇත.


එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරන්නට කමිටුවක් පත්කර දැන් දෙසතියක් ගෙවී ගොස් ඇත. රනිල් වික්‍රමසිංහ තම සුපුරුදු කල් මැරීමේ ක්‍රියාව අනුගමනය කරමින්ම තමන්ට හිතවත් එජාප පාක්ෂිකයන් ලවා ප්‍රතිසංවිධාන කමිටුවට තමන්ගේ තනතුර ආරක්ෂා කිරීමේ අරමුණින් විවිධ යෝජනා ඉදිරිපත් කරමින් සිටී.ලේඛකයාද මේ පිළිබඳ ඔහුගේ අදහස් ඇතුුළත් ලිපියක් ලියමින් සිටියද එය තවමත් සම්පූර්න කරගන්නට නොහැකි විය. එහෙත් මේ වන විට ප්‍රතිසංවිධානය යනු කෝඳුරු තෙල් හත්පට්ටයකටත් ටිකක් වැඩිපුර අවශ්‍ය වන නොකෙරෙන වෙදකමක් බවට පත්වී ඇති බවක් පිටකෝට්ටේ "සිරිකොත" ආරංචි මාර්ග වලින් පැහැදිලි වෙමින් තිබේ.පහත දැක්වෙන්නේ එජාප අර්බුදය ගැන අද දවසේ ලංකා ඊනිව්ස් වෙබ් අඩවියේ පළවූ රංජිත් කේ. අබේකෝන් ලියූ සටහනකි.

පක්ෂයට නායකයෙකු නැතිවේයැයි සිතෙන නිසා තමන් ඉවත් නොවන බව පවසන රනිල් වික්‍රමසිංහයන් තේරුම් නොගන්නා එකම සත්‍යය නම් 1994න් පසු පක්ෂයට නායකයෙකු නොසිටි බවයි. සිටියේ ලොක්කෙකු පමණි. මේ දේවල් මෙලෙස සිදුවී පක්ෂය නැත්තටම නැතිවී යන තරමට පිරිහුණේ පක්ෂය තුල ඒකිධිපත්ත්වය දැරූ රනිල් ලොක්කාගේ ක්‍රියාකලාපය නිසාය.
- චූලවංශ
Email: outofboxsrilanka@gmail.com

රංජිත් කේ. අබේකෝන් ගේ ලිපිය-

සිරිකොතේ ධනපාල සහ කේම්බි‍්‍රජ් සෝමපාල අයියලාගේ ‘සුදුසුකම’


‘සිරිකොත’ එක්සත් ජාතික පක්‍ෂ මුලස්ථානයේ වැඩිම කලක් සේවය කර ඇත්තේ ‘ධනපාල අය්යා’ ය. එ.ජා.ප. සාමාජිකයින්ගේ, මන්ත‍්‍රීවරුන් ඇතු`ඵ මහජන නියෝජිතයින්ගේ කිසිවෙකුගේත් ආදරය සහ ගෞරවය දිනාගත් අයෙකු සිරිකොතේ තවදුරටත් ඉතිරිවී ඇත්තම් ඒ ‘ධනපාල අයියා’ පමණක් විය යුතුය.
මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි ‘නම්බර් තර්ටි කාර්යාලයේ’ හෙවත් විපක්‍ෂ නායක නිල නිවාසයේ සිටින ජ්‍යෙෂ්ඨතමයා ‘සෝමපාල අයියා’ ය. එ.ජා.ප. මාධ්‍ය ඒකකය මෙලෝ රහක් නැති, කුණු කරවලයක් බවට පත්වී ඇති බව ඇත්තය. ඒ කන්තෝරුවට යන - එන මන්ත‍්‍රීවරුන්, ජනමාධ්‍යවේදීන්, වෘත්තිකයින්, නිලධාරීන්, පාක්‍ෂිකයින් ඇතුඵ කවුරුන්ගේ හෝ ගෞරවය දිනාගත්, තඹ සතයකට හෝ විශ්වාස කළ හැකි මිනිසෙකු ඇත්නම් ‘සෝමපාල අයියා’පමණී.

‘ධනපාල අයියා’ සහ ‘සෝමපාල අයියා’ දෙදෙනාම තරම් එ.ජා.ප.ය ගැන හො`දින් දන්නා කවුරුන් හෝ අද මේ පක්‍ෂයට ඉතිරිව නැත. ‘සිරිකොතේ’ හෝ ‘කේම්බි‍්‍රජ් ටෙරසයේ’ හෝ නැත. ඔවුහු ජ්‍යෙෂ්ඨයෝ වෙති. සුදු සරම අදින, හො`දට සිංහල කථා කරන, පක්‍ෂ නායකයා, පාර්ලිමේන්තු - පළාත්සභා - ප‍්‍රාදේශීය සභා - මන්ත‍්‍රීවරුන්, වෘත්තීය සමිති නායකයින් ඇතු`ඵ සමාජිකයින් පමණක් නොව දේශපාලනයේ දී නැතිවම බැරි බජාර් එකේ අයියලා ද ‘ධනපාල සෝමපාල අයියලා’ කියන දේ අසති.වඩාත් වැදගත් වන්නේ තමන්ගේ කාර්යාලයට එන කාට වුනත් හිතේ කහටක් නැතිව කහට කෝප්පයක් දෙන්නට කෙනෙක් ඉතිරිවී ඇත්නම් ඒ ‘ධනපාල හා සෝමපාල’ පමණක් වීමය.

මහනුවර (අබ්දුල්* කාදර් හාජ්ජියාර් කියන අන්දමට එ.ජා.ප.යේ ප‍්‍රතිසංස්කරණ සිදුවන්නට නම් රනිල් මිය යන තෙක් බලා සිටින්නට සිදු වේ.කැස්ත්‍රෝ ගෙන් පසු කියුබාව නැතිනම්, කිම් ඉල් සුන් ගෙන් පසු උතුරු කොරියාව ගැන කථා
කරන ලෝකයක රනිල් ගෙන් පසු එ.ජා.ප.යක් ගැන කථා කරනවා හැර අද ලංකාවේ ‘ධනපාල - සෝමපාල’ ඇතු`ඵ යූ.එන්.පී. කාරයින්ට වෙනත් කළ හැකි දෙයක් ඉතිරිව නැත.

මැරෙනකල් එ.ජා.ප.යේ තනතුරු දරන්නට උත්සහ දැරූ එ.ජා.ප. නායකයින්ගෙන් පළමු වැන්නා රනිල් වික‍්‍රමසිංහ නොවේ. ඒ කතාව ජිනදාස නියතපාල විසින් රචිත ‘පරිපථනය’ කෘතියේ 170 පිටුවේ දැක්වෙන්නේ මෙසේය.

පක්‍ෂ නායක අර්බුදය ඇති වූ විට එදා එ.ජා.ප. තරුණ පෙරමුණේ නායකයින් වූ ජිනදාස නියතපාල, තිලක් ගුණරත්න, පර්සි ගුණතිලක, විමලනාත් දිසානායක, රෙජී රූපසිංහ, මාක`දුරේ ගුණවර්ධන සහ කමල් ජයසිංහ වුඞ්ලන්ඞ්ස් මන්දිරයේ දී ඩඞ්ලි සේනානායක මහතාට සර් ජෝන් කොතලාවල පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කර ගැනීමට මෙවැනි යෝජනාවක්
ඉදිරිපත් කර ඇත.

‘‘සර්, පක්‍ෂයේ සභාපතිකම ගැන ඝට්ටනයක් තිබෙන බවයි රටේ කථාව. එහෙත් පක්‍ෂයේ වැඩි දෙනා ඔබතුමාට කැමැතිය. තරුණ පෙරමුනේ අපත් කැමැතියි. එහෙත් සර් ජෝනුත් මේ පක්‍ෂයට විශාල සේවයක් කළ කෙනෙක්. ඒ නිසා එතුමා පක්‍ෂයේ යාවජීව අනුශාසක කරන්න කියලා ඉල්ලන්නයි අපි ආවේ’’

‘‘නියතපාල, අපේ පක්‍ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයක් දෑ?’’

‘‘ ඕව්’’

‘‘එහෙනම් මට කියන්න ප‍්‍රජතන්ත‍්‍රවාදී ලෝකයේ කොයි රටේ කොයි පක්‍ෂයේ ද යාවජීව අනුශාසකවරු ඉන්නේ? යාවජීව කියන්නේ මැරෙන තුරු අස්කරන්න බෑ’’

‘‘එහෙනම් යාවජීව කපලා අනුශාසක පදවියක් දෙමු’’

‘‘වෘධ සොල්දාදුවෝ කවදාවත් නොමැරෙති. එහෙත් ඔවුහු මැකී යති’’ යැයි එ.ජා.ප.ඉතිහාසයේ සුවිශේෂී වූ ඉල්ලා අස්වීමේ ලිපිය ජෝන් කොතලාවල විසින් ලියුවේ මේ සංවාදයෙන්
දින කිහිපයකට පසුවය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන පක්‍ෂයක යාවජීව තනතුරු දරන්නට කැමැත්තෙන් සිටි නමුත් අභිමානයක් සහ හතර විලි ලැජ්ජාව තිබූ එ.ජා.ප. නායකයින්ගේ හැටි එහෙමය.මේ ඉතිහාස කතාව දන්නා ‘‘සෝමපාල හෝ ධනපාල අයියා’’ තමන්ට සිරිකොතෙන් හෝ කේම්බි‍්‍රජ් ටෙරස් මන්දිරවලින් ඉවත්ව යන්නට කියුවොත් එක පැයක් හෝ එහි තවදුරටත් ලගින්නට උත්සහ නෙදරුණු ඇත්තේය. ධනපාල අයියා ගේ ඡුන්ද ලියාපදිංචිය ඇත්තේ ද සිරිකොත ට වුවත් ඔහු සිරිකොතේ ‘යාවජීව’ වන්නට උත්සහ දරනු නොඇත්තේය.
රනිල් වික‍්‍රමසිංහ ගේ නායකත්වයට එරෙහිව එ.ජා.ප. ය තුළ වර්ධනය වූ අට වන කැරැුල්ල මෙයයි. එය මේ වන විට පරාජයේ මුවදොරට පිවිස ඇති බව රහසක් නොවේ. රනිල්ට තරගයක් දෙන්නට කවුරුවත් නැති තැනට එ.ජා.ප.ය, ලක්‍ෂ තිස් පහක ස්ථාවර ඡන්ද පදනමක් ඇතැයි කියන පක්‍ෂය පත්ව තිබේ.එ.ජා.ප.ය හැමදාමත් නායකත්වයේ ප‍්‍රශ්න තිබුණි. ඞී.එස්.සේනානායක මහතා ගෙන් පසුව ජෝන් කොතලාවල මහතා වෙනුවට ඩඞ්ලි සේනානායක මහතා බලයට පත්වීම කොතලාවල මහතා ට අනුව ‘‘ඉතාමත් පහත් තත්ත්වයේ දේශපාලන කුමන්ත‍්‍රණයකි’. එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා එය හඳුන්වා දී තිබුණේ ‘‘දීර්ඝ, පහත්, අපකීර්තිමත් යටි උගුලක කූට ප‍්‍රාප්තිය’’ ලෙසිනි.

ඉහතින් දැක්වූ ලෙසම ජෝන් කොතලාවලගෙන් ඩඞ්ලි සේනානායක මහතා ට නායකත්තවය හිමිවීම බිත්තියට හේත්තු වු පසුව ගත් අසීරු තීන්දුවකි.ඩඞ්ලිගෙන් ජේ.ආර්.ට පක්‍ෂ නායකත්වය හිමිකර දුන්නේ ඩඞ්ලිගේ මරණය යි. ජේ.ආර්.ගෙන් ආර්.පේ‍්‍රමදාස මහතාට බලය හිමිවූවේ කෙසේ ද කිව නොහැකිය. බොහෝ රහස් එහි තිබේ. ‘දෙකොන ගිණිගත් විලක්කුවක් වූ රටක’ ජනාධිපතිවරණය ජය ගැනීමේන් පැය කිහිපයකට පසුව පේ‍්‍රමදාස මහතා ට ඒ දක්වා වසර දොළහක් එ.ජා.ප.යට
හිමිවී තිබූ හයෙන් පහේ බලය නොමැති පාලක පක්‍ෂයක් සහිත රටක රාජ්‍ය නායකයා බවට පත් වූවේය.ආර්.පේ‍්‍රමදාස ගේ මරණය විසින් ම පමණක් ඞී.බී.විජේතුංග මහතා එ.ජා.ප. නායකයා බවත් පත්වන්නේය.විජේතුංග මහතා ගෙන් පසුව රනිල් වික‍්‍රමසිංහ මහතා ට පක්‍ෂ නායකත්වය හිමිවන්නේ ගාමිණී දිසානායක මහතා ගේ මරණය නිසාය.

ඞී.එස්., ඩඞ්ලි සහ පේ‍්‍රමදාස ගෙන් පසුව එ.ජා.ප. නායකත්වය වෙනස් වූවේ පක්‍ෂ නායකයාගේ මරණය නිසාය. ගෞරවනීය ලෙස එ.ජා.ප. නායකත්වය හැරදා ගියේ කොතලාවල සහ විජේතුංග මහත්වරුන් පමණී. කැමතිකෙනෙකුට එයට ජේ.ආර්.ගේ නම ද එක්කොට ගත හැකිය. නමුත්, එ.ජා.ප. ඉතිහාසය දන්නා උදවියට ජේ.ආර්. සහ
විජේතුංග දෙදෙනාම නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට කැමැත්තෙන් සිටි බව සහ ඒ ස`දහා සැලකිය යුතු උත්සාහයක් දැරූ බව නම් රහසක් නොවේ.රනිල් වික‍්‍රමසිංහ ඒ එ.ජා.ප. පරපුරේ වත්මන් නායකයා ය.

ඔහු ඉවත්ව යා යුතු බව එ.ජා.ප.යේ බහුතරයක මතය බව පැහැදිලිය. නමුත් ඔහුට යන්නට කැමැත්තක් නැත. රැුදී සිටින්නට කළ හැකි ඕනෑම දෙයක් කරන්නට සුදානම් ය.රනිල්ට වඩා හො`දින් එ.ජා.ප.යට නායක්ත්වය දෙන්නට හැකි අය එ.ජා.ප.යේ සිටී.අවශ්‍ය නම් ජ්‍යෙෂ්ඨත්වය, පාක්‍ෂිකයින් අතර ජනප‍්‍රියත්වය, පිලිගැනීම, ගෞරවය,නායකයින් ඇසුරේ හැ`දී වැඞී ලැබූ පරිචය සහිත ‘ධනපාල හෝ සෝමපාල’ ආදීන්ගෙන් ආරම්භකර ලේඛනයක් සැකසිය හැකිය.

එ.ජා.ප. නායකත්වය පිළිබ`ද අද කියවෙන නම් ගම් අතර ධනපාල සෝමපාල වඩාත් හො`ද තෝරාගැනීමක් විය හැක්කේ අන් කිසිවක් නිසා නොව ඔවුන් දවසේ වැඩිම කලක් සෙරෙප්පුවක් වත් නොමැතිව මහ පොළොවේ පය ගසා සිටින නිසාය.

ප.ලි. - මේ ලිපිය පළවීමෙන් පසුව ධනපාල අයියාටත් සෝමපාල අයියාටත් ඔවුන්ගේ සිරිකොත සහ කේම්බි‍්‍රජ් ටෙරස් හි රැුකියා අහිමිවීම බොහෝ විටම සිදු විය හැක්කකි. ඔවුන් දෙදෙනාට අරලිය ගහ මැදුරෙන් ආරාධනා ලැබ තනතුරක් නැතිනම් සම්මානයක් ලැබෙන්නට වුවද පු`ඵවන. නමුත් කොච්චර සුදුසුකම් ඇතත් වැරදිලාවත් එ.ජා.ප. නායක්තවය ගැන යන්තම් හෝ අදහසක් පහළවුවහොත් නම් තවත් බොහෝ කලක් බලා ගෙන ඉන්නට සිදු වෙනු ඇත්තේය.

රංජිත් කේ. අබේකෝන්

Comments