නාමල් රාජපක්ෂගේ අලුත්ම ගීතය - බූන්දියෙන් දුටුවාද?


නාමල් රාජපක්ෂ අපේ පාර්ලිමේන්තුවේ ලාබලතම මන්ත්‍රීවරයාය. හැමෝම දන්නා විදියට අපේ රටේ ජනාධිපති වරයාගේ වැඩිමහල් පුත්‍රයාය. පළමු ජනාධිපතිවරණයෙන් පසු අපේ ජනාධිපතිවරයා ඔහුගේ දෙවන පුතා නාවික හමුදාවට භාර කලේ රට රැකීම(සංකේතවත් කිරීම)ටය. දෙවන ජනාධිපත්වරණයෙන් පසු වැඩිමහල් පුතා පාර්ලිමේන්තුවට යැව්වේ අනාගතයේදී රට හැදීම සදහා සිය පවුලේම කෙනෙකු නැතිව බැරි යැයි සිතූ නිසාය.(ඒ කියන්නේ රට හැදීම මේ පරම්පරාවෙන් ඉවර වෙන කෙටි කාලීන ව්‍යාපෘතියක් නොවන බවය.)නාමල් රාජපක්ෂ වසර කිහිපයක සිට දේශපාලනයක් නොවන දේශපාලනයක් කලේ නිල් බලකාය හරහාය. එහිදී ඔහු ගායක ගායිකාවන් කලා කරැවන් ලංකර ගනිමින් තාත්තාගේ දේශපාලන අනාගතය වෙනුවෙන් ගීත ගායනා කරවූයේය.ලස්සන විෂුවල්ස් නිර්මාණය කළේය. ඉන්පසු ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ද බොහෝ සුන්දර ගීත ගයන්නට අමල් පෙරේරා ලගේ සිට නිරෝෂා විරාජිනි ලා දක්වා ඉදිරිපත් විය. එහෙත් ඔහුගේ සැබෑ ගීතය ගයන්නට කිසිවෙක් නොවුණත් එහි පදවැල බූන්දියේ (මෙතනින් යා හැක.)පළවී තිබුණේ මෙසේය.වැඩේ හරි ගියහොත් නාමල් ගොඩය. විමුක්තිලා ප්‍රමුඛ බණ්ඩාරණායකලා කැලයේය.මෛත්‍රීපාලලාත්, නිමල් සිරිපාලලාත් සදාකාලික ප්‍රශස්ති ගයන්නෝය.
ගීතය (තාලය - දණගාද්දි ඇවිදින්නට ගීතයට අනුවය)

දණ ගාද්දි දියවන්නාවට රිංගෙවුව
කර වැහෙන්න සාටකයක් දමලා දුන්න
මහළුව බැරි වුනාම ඔබ මට රට දෙන්න
මම දෙන්නං ටාට්ටේ දුං විසිවෙන්න
මම දෙන්නං ටාට්ටේ දුං විසිවෙන්න

ලෙඩක් දමා ගෙන ආවත් මාව සනසන
උකුල් තලේ උරේ තබා තොඳොල් කරවන
සුරංගනා කතා කියා රටම නලවන
අතක් හිසක් කොහෙද රජෝ ඔබට නොවඳින

දණ ගාද්දි......//

මැදමුලනේ වැල් ඇඳ උඩ රැවුල පැහෙන දා
බාප්පලා මහප්පලා ගේම් ගහන දා
තුනෙන් දෙකක් නොවේ තුනම අපට ලැබෙන දා
ඔටුන්න මගෙ හිසට වැටෙයි එදා නොවරදා

දණ ගාද්දි සාක් සමුළුවට රිංගෙවුව
පාට පාට බලකායක් දමලා දුන්න
තව ටික දොහකින් වෙන උන් එයි රිංගන්න (ඉහි ඉහි)
මට නං බෑ ටාට්ටේ එතකල් ඉන්න
මට නං බෑ ටාට්ටේ එතකල් ඉන්න

මෙය බූන්දියට ලියා තිබුණේ ඩෝං පුතා විසිනි.

Comments

Post a Comment