හොද චිත්‍රපට හතරක් කොළඹදී


ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සංවිධානය කරන චිත්‍රපට උළෙලක් මාර්තු 24 සිට 27 දක්වා නාමෙල් මාලිනී පුංචි තියටර් හීදි පැවැත්වෙනවා. සවස 3ට හා 6ට බැගින් දෙවරක් තිරගත වන මෙම දර්ශන සදහා ඇතුලුවීම නොමිලේ බව සංවිධායකයන් පවසනවා. 24 වනදින Nagesh Kukunoor ගේ දෝර් චිත්‍රපටයත්, 25 වන දින Julie Taymor ගේ ෆ්‍රීඩා චිත්‍රපටයත්, 26 වන දින Andy Garcia ගේ ලොස්ට් සිටි චිත්‍රපටයත්, 27 වන දින Mehreen Jabbarගේ රාමිචන්ද් පකිස්ථාන් චිත්‍රපටයත් තිරගත වීමට නියමිතයි.

හැකියාවක් ඇත්නම් මේ චිත්‍රපට උළෙල නරඹන්නට එන්නැයි ඔබට ආරාධනා කරනවා.

Comments