සටන ඇරඹීමට ආසන්නවී තිබේ. සටන් වදින්නෝ වචන හරඹ කරමින් ප්‍රතිවාදියා පොළඹවා ගන්නට අර අදිමින් සිටී. රජයට එරෙහිව විපක්ෂය කදවුරැ දෙකකින් සටන් වදිනවා බලන්නට රටේ ජනතාව රෑපවාහිනී තිර ඉදිරිපිට ප්‍රේක්ෂකයාගේ භූමිකාව සාර්ථකව අරඹමින් සිටී. කලකට ඉහතදී පොදු සතුරෙකු නසන්නට එක් පිළකට- එක් මිටකට ගොනුවූ ඇත්තෝත්, එසේ ගොනු නොවූ ඇත්තෝත් - එසේ ගොනු නොවූ සේ පෙනී සිටිමින් ඊට රහසින් ආශීර්වාද කළ ඇත්තෝත් ජාතියේ පොදු සතුරා යළි නොනැගිටින්නට නන්දිකඩවාල් කලපුවේ මැරී වැටුණා යැයි සිතා තරගයේ ජයග්‍රහණයට උරැම කරැවන් නම් කරමින් සිටිති. නැතහොත් වසරකට හත් අට වරක්වත් පවත්වන මැතිවරණ වලින් එසේ පිළ් බෙදෙන්නට අවශ්‍ය උත්තේජනය සපයමින් පවතී.

ත්‍රස්තවාදීන් සමග මුහුණට මුහුණලා පැවැති යුද්ධය හමාර වීමෙන් පසු දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද සිදු කර යුතු කාර්යයන් ගණනාවක් පැවතුණි.
දේශීය වශයෙන්
1. භුමියේ ආරක්ෂාව තහවුරැ කිරීම (බිම් බෝම්බ ඉවත් කිරීම ආදිය)
2. අවතැන් වූවන් නැවත පදිංචි කිරීම හා ජන ජීවිත ගොඩනැංවීම
3. ත්‍රස්තවාදී කටයුතු වල යෙදුණු පිරිස් පුනුරැත්තාපනය
4. යටිතල පහසුකම් ගොඩනැංවීම
5. ස්ථීර සාර දේශපාලන විසදුමක් සදහා කතිකාවත ඉදිරියට ගෙනයාම
විදේශීය වශයෙන්
1. ත්‍රස්ත ඩයස්පෝරාව යුද්ධය පැවැති කාලයේ ගෙනගිය ප්‍රචාරණ ව්‍යාපෘතියේ අවාසිදායක තත්වය මගහරවා ගැනීම
2. යුද්ධය පැවැති සමයේ ගත් සමහර තීරන නිසා අතෘප්තියට පත් ප්‍රබල විදේශ රටවල් සමග යළි සබදතා තහවුරැ කිරීම
3. යුද්ධය පැවැති සමයේ කඩවූ බවට චෝදනා නැගුණු මානව හිමිකම් , පුද්ගල නිදහසේ බාධා ඉවත් කිරීම හා ඒ බව තහවුරැ වන සාක්ෂි සැපයීම
4. ඊළාම් හිතවාදීන්ගේ විදෙස් ඒකරාශීවීම් වල සැගවුණු අරමුණු හදුනා ගැනීම ඒ අතර ප්‍රධාන විය.

අඩන්නට බලා සිටි බටහිර ප්‍රජාවට අපි ඇගිල්ලෙන් ඇන ඇත්තෙමු. දැන් ඇඩවූ පළිය ගන්නට මෙන් ඔවුන් යළිත් කොටි ත්‍රස්තවාදී ඒජන්තයන්ට නිදහසේ සිය කටයුතු කරන්නට අවසර දි තිබේ. දැනට එල්ටීටීඊ යේ නායකයා ලෙස පිලිගන්නා රැද්‍රකුමාර් නැමැත්තා ඊළමට පක්ෂ පාතීත්වය විමසා රටවල් දොළහක පමණ ජනමත විචාරණ පවත්වා අවසන්ය. Tamilnet වැනි කොටි හිතවාදී වෙබ් අඩවි වාරණය කළාට විදෙස් රටවල ක්‍රියාකාරකම් වාරණය කරන්නට රජයට හැකියාව ලැබී නැත. සිදුවී ඇත්තේ ඒවා එසේ වන බව මෙරටේ පුරවැසියාට දැනගන්නට නොලැබීමෙන් ඔවුනගේ ප්‍රහර්ෂය රජයේ වාසියටම රදවා ගැනීමේ හැකියාව ලැබීමයි. එවැනි තත්වයන් යටතේ අපේ විදේශ තානාපති කාර්යාල නිළධාරීන්ට පවරා ඇති රාජකාරී වන්නේ ජනාදිපති ජයග්‍රහණ සැමරීම, සංචාරක කටයුතු ප්‍රවර්ධනය,
තේ කොළ වෙළදපොල ස්ථාවරව පවත්වාගැනීම වැනි වගකීම් පමණකැයිද සිතිය හැක. ජනරාල්ගේ දේශපාලන ආගමනයත් සමගම විදේශ බලවේග වල ක්‍රමන්ත්‍රණ ගැන කතා කරන ඇමැතිවරැන් එළවා දැමූ මූල්‍ය අරමුදල යළි කැදවමින් විදෙස් බලවේග වලට දොර විවර කරවූයේ තමන්ම බවද අමතක කරති.

පසුගිය දිනවල ලියම් ෆොක්ස් ඇවිත් ගියේය. GSP+ සීමා කෙරෙන දිනයද ප්‍රකාශයට පත්විය. ආර්ථික වර්ධන වේගය අපේක්ෂිත මට්ටමට ළගා නොවනු ඇතැයි මහ බැංකුව ප්‍රකාශයට පත් කළේය. මැතිවරන උණුසුම අස්සේ තවත් බොහෝ දෑ ප්‍රේක්ෂකයාට හොරෙන්ම තීන්දු තීරණ වෙනු ඇත. ඒවා රටක් හැටියට අපට තව තවත් අහිතකර තීන්දු වන්නට ඉඩ ඇත. ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දවිය නොහැකි සේම කළ වරදිද ආපසු හැරවිය නොහැක. රටේ යහපත උදෙසා යුද්ධය අවසන් කිරීමේ සතුට සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම සතුටක් බවට පත් නොකොට එය ශ්‍රී.ල.නි.ප හෝ සන්ධාන පාක්ෂිකයන්ගේ සතුටක් බවට පත්වේ නම් මේ අභියෝග ජයගන්නට රජයට අසීරැ වනු ඇත. එය එසේ නොවුණහොත් ඇතිවන නොසන්සුන් ප්‍රතික්‍රියා දැක්වීම් වලට මුහුණදීමට රජයට සිදුවනු ඇත. එවිට සිදුවන්නේ දේශය තුළ කෙසේ වෙතත් විදෙස් රටවල දෙමළ ජනයා යොදා ගනිමින් ඊළාම්වාදීන්ගේ එකමුතුවෙන් ගොඩනැගෙන පුලුල් සන්ධානයට ඉඩහසර තනමින් යන රැද්‍රකුමාර්ලාගේ ගමන සවිමත් වී ඇතිවන කුමන හෝ දේශපාලන අස්ථාවරභාවයක් උපයෝගී කොට ගෙන (සමහරවිට අද රජ සැප විදිමින් කෙණෙහෙලිකම්ද භුක්ති විදින දෙමල නායකයින් පවා යොදාගෙන) මෙරට තුළ ක්‍රියාත්මකවීමේ අවස්ථාව උදාවීමය. එය වළක්වා ලිය හැක්කේ තුනෙන් දෙකක බලයක් පාලක පක්ෂයට ලබාගෙන විපක්ෂය දියකර හැරීමෙන් නොව, විපක්ෂයටත් ශක්තිමත් දේශපාලන ශක්තියක් ලැබෙන, එම ශක්තියට ගෞරව කරන පාලන රටාවක් ගොඩ නැගීමෙන්ය.
මතක තබා ගත යුතුය. අපි තවමත් පොදු සතුරාට එරෙහි තරගය(යුද්ධය) සම්පූර්ණයෙන් දිනා නැත. දිණුම් කණුව පෙනෙන නොපෙනෙන මානයේ ඉසිඹු ලබමින් වෙනත් කටයුතු වල යෙදී සිටිමු. අවතක්සේරැ කරන රැද්‍රකුමාර්ලා අපටත් හොරා දිණුම් කණුව කරා යාමට ඇති ඉඩ තවමත් ඇහිරී නැත.
Comments
Post a Comment