නියෝජ්‍ය නායක සජිත්ගේ පළමු ප්‍රසිද්ධ ප්‍රකාශය මෙන්න.



බොහෝ එ.ජා..ප. පාක්ෂිකයින් බලාපොරොත්තු වූයේ මෙදා සිංහල අවුරුද්ද වන විට සජිත් ගේ නායකත්වයෙන් යුතු එජාපයක් නිර්මාණය වේයැයි කියාය. එහෙත් කිසියම් හෝ අනපේක්ෂිත කාරණයක් නිසා එය එසේ නොවීය. හීන් නූලෙන් වැඩ පෙන්වන රනිල් වික්‍රමසිංහයන්ගේ කෘත්‍යාධිකාරී ගෝල බාලයින් ජය පැන් බොන මොහොතක සෝ සුසුම් හෙලන්නට බහුතරයක් එජාප පාක්ෂිකයින්ට සිදුවිය.එය එසේ වූයේ ඇයි දැයි කියන්නට සජිත්, දයාසිරි හෝ බුද්ධික කට අරින තුරු බලා සිටින්නන් බොහෝය. නිහඩතාවය බිදිමින් මුලින්ම සිය හඩ අවධි ක‍ලේ එජාප නව නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසයි. මේ තනතුර භාරගත් පසු ඔහු කළ පළමු කතාවයි. උපුටා ගත්තේ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙනි.

අපට මොනවා තිබුණත් වැඩක් නෑ ජනතාවගේ කැමැත්ත ආශිර්වාදය නැත්නම්. මම හොඳාකාරවම දන්නවා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දොර ඇරලා පාරට බැස්සාම මට ඉහළ පිළිගැනීමක් තිබෙනවා. ඒත් අදටත් මම නායකයා විය යුතුයි කියා කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළත් මන්ත‍්‍රී කණ්ඩායම තුළත් අදහසක් නෑ. මගේ පියාත් පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරේ හිටියා. එතුමා නියෝජ්‍ය නායකයා වෙනකොට එතුමාගේ වයස අවුරුදු 53 යි. මට තවම අවුරුදු 43 යි. මම අද එජාපයේ නියෝජ්‍ය නායකයා.’ යැයි , එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායක හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය.

නව නියෝජ්‍ය නායක පදවිය ලැබීමෙන් පසුව පොල්ගස් ඕවිට වෑතර ලක්ෂමන් අබේගුණරත්න පදනම මගින් සංවිධානය කර තිබූ පළමු ජනහමුවට සහභාගී වෙමින් පේ‍්‍රමදාස මහතා එසේ පැවසුවේය.ජනහමුව ලක්ෂමන් අබේගුණරත්න හිටපු පළාත් සභා අමාත්‍යවාරයාගේ නිවසේ දී පැවැත්විණි.පිළිගැනීම හා අරමුණ පැහැදිලි කිරීම හෝමාගම හිටපු ප‍්‍රාදේශීය සභා සභාපති රංග අබේසිංහ මහතා විසින් සිදු කිරීමෙන් පසුව සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේද පැවසුවේය.

පසුගිය කාලපරිච්ෙඡ්දය තුළ අපට විශාල අභියෝගාත්මක මැතිවරණයකට මුහුණ දීමට සිදුවුණා. එම මැතිවරණයේදී එජාපය ජයග‍්‍රාහී ඉලක්කය කරා ගෙන යෑම සඳහා අපි සියලූ දෙනාම විශාල කැපවීමක් කළා. හරියට 2005 ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂකයා ජයග‍්‍රහණය කරවීම සඳහා ගත් උත්සාහය වගේ සුවිශාල ව්‍යායාමයක අපි නිරත වුණා.

මම මේ මැතිවණයට ඉදිරිපත් වෙලා මගේ ගැම්මත්, ජවයත්, ශක්තියත් එකතු කරලා කොහොම හරි බැලූවේ පසුබෑම් ගණනාවකට ලක්වෙවී තිබුණු එජාපය ශක්තිමත් ගමනක් යාම සඳහා පෙරට තිබූ කකුල ආපස්සට නොගෙන ඉදිරියටම තබලා පක්ෂ ජයග‍්‍රහණය කරවීමටයි. මම රට පුරා රැස්වීම් මාලා 168 කට සහභාගී වුණා. මට අමතරව පක්ෂයේ නායකතුමාත් නියෝජ්‍ය නායකතුමාත් ලොකු උත්සාහයක යෙදුණා. කොහොම හරි අපේ පක්ෂය ගොඩනැගීමේ ව්‍යායාමයට.

මතක තියා ගන්න අපිට අපේ දේශපාලන ව්‍යායාමය ක‍්‍රියාත්මක කිරීමට සිදුවුණේ මේ ප‍්‍රබල ආණ්ඩුව සහ ආණ්ඩුවේ ක‍්‍රියාකාරකම් තුළ බව.පක්ෂයක් හැටියට අපේ පක්ෂයේ ප‍්‍රතිශතයේ වැඩිවීමක් සිදුවුණා. ඒක අපට සතුටක්. අපි බලාපොරොත්තු වුණු විදිහට පළාත් පාලන ආයතන ටික අපට දිනා ගැනීමට බැරිවුණා. ඒක අපිට දුකට, අසතුටට කාරණයක්.

හදවතට තට්ටු කරලා බැලූවාම හෘද සාක්කියට අනුව මගේ දිස්ත‍්‍රික්කයනුත් මම පසුබෑවා. ජනතාව හිනස්සවන යම් යම් තොරතුරු හරහා ජනතාවට ආස්වාදයක් ලබා දී වචන හුවමාරු කරන දේශපාලනඥයෙක් නොවෙයි සජිත් පේ‍්‍රමදාස.

එම නිසා අපට තිබෙනවා එජාපයක් හැටියට හොඳ ශක්තිමත් ගමනක් යන්නට, පසුගිය කාලය පුරාවටම ලොකු ගමනක් ගියත් පක්ෂයේ ව්‍යුහය, පක්ෂයේ ප‍්‍රතිපත්ති මාලාව, පක්ෂයේ යාන්ත‍්‍රණය වෙනසකට ලක්විය යුතුයි. ඒ වෙනස හරහා අපි බලාපොරොත්තු වන එකම දෙයනම් පක්ෂය ජයග‍්‍රහණය කරවීමයි. මොකද දශක ගණනාවක් මුළුල්ලේ දුක්විඳින එජාප පාක්ෂිකයා දුක්විඳින මේ රටේ ජනතාවට යම් සුබවාදී බලාපොරොත්තුවක් ලබාදීමටයි.

කඩා වැටෙන අපේ රටේ ආර්ථිකයට ජන සමාජයට යම් කිසි පිහිටක් වීමටයි. විපතට පත්වුණු ශ‍්‍රී ලාංකීය ජතාව සැපතකට පත්කරන කොළපාට යුගයක් බිහි කිරීමටයි.ඔන්න ඔය ඉලක්ක හිතේ තියාගෙන තමයි අපි යම් යම් චෝදනා කළානම්, විවේචනය කළානම්, වැරැුදි පෙන්වලා දුන්නානම්, ආවේගශීලීව වචන ප‍්‍රකාශ කළානම් ඒ සියල්ලම කළේ පක්ෂය දිනවීම සඳහායි.

අපේ පක්ෂයේ තීන්දු තීරණ ගැනීමේ බලය තිබෙන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමටයි’

බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණා සජිත් පේ‍්‍රමදාස මීට වඩා ඉදිරියට එයි කියලා. එජාපයේ ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය හරහා එය එසේ සිදුවිය යුතු වුවත් මම එදා නොකීවාට මගේ හදවතේ සැමවීටම තිබුණු අදහස තමයි ක‍්‍රියා කරනවා, සටන් වඳිනවා, ජනතාවගේ අයිතීන් සුරක්ෂා කරනවා. පක්ෂය දිනන තැනට ගෙන එනවා. පාක්ෂිකයින් රැුක ගන්නවා. අවසානයේදී අපි පුළුවන් තරම් දුරට මොන අරගල කළත් අපේ එක්සත් භාවය බොහෝ දුරට හෝ රැුකගන්න එක්සත්ව එක්සිත්ව මේ ගමන යාම.

මතක තියා ගන්න අපට තවත් තිබෙනවා පළාත් පාලන ආයතන සියයකට වඩා මූණ දෙන්නට, එහෙම නම් අපේ ඒ යෝජනා චෝදනා විවේචන පුන පුනා ප‍්‍රකාශ කරලා මේ ක‍්‍රියාදාමය තවදුරටත් දීර්ඝ කිරීම තුලින් විපතට පත්වෙන්නේ අරගල කරන අපි නොව එක්සත් ජාතික පාක්ෂිකයින් වන තමුන්නාන්සේලායි.

ඒ නිසා තමයි මේ වෙලාවේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් හොඳ ඉතිහාසයක් පළපුරුද්දක්, දැකපුරුද්දක් තිබෙන අපේ හිටපු මැති ඇමැතිවරුන්ගේ, ඉල්ලීම් වලට සවන් දී අවසාන ක‍්‍රියාවලිය සඳහා නොයා මොහොතකට නිහතමානී වී අපි තීන්දු කළා මොන දේකටත් වැඩිය අපට අවශ්‍යයි පක්ෂයේ සමගිය, හැබැයි මතක තියා ගන්න මේ පක්ෂයේ සමගිය අපි ජයග‍්‍රහණය කළේ නිකම්ම නිකම් තාන්න මාන්න පට්ටන් ඔළුව උඩ තියාගෙන නොවෙයි කියලා.

මම තමුන්නාන්සේලාට පැහැදිලිව ප‍්‍රකාශ කරනවා මට එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය බලය පවරලා තිබෙනවා. මුලට ඉන්න විපක්ෂ නායකතුමාගේ දෙවැනියා හැටියට පාර්ලිමේන්තුවේදී කටයුතු කරන්නට.

නියෝජ්‍ය නායක කියන්නේ තනතුරක් පමණයි. නමුත් මේ තනතුර මට පැහැදිලිව ලබා දී තිබෙනවා. එජාපයේ බිම්මට්ටමේ යාන්ත‍්‍රණය ශක්තිමත් කරන්නට ශාඛා සමිති, යොවුන් සමිති, ලක්වනිතා සමිති මුළුමහත් ශ‍්‍රී ලංකාවේම ක‍්‍රියාත්මක කිරීමේ බලය මට පවරලා තිබෙනවා.

මේ වන විට මා තෘප්තිමත් වෙන්නේ මට ලැබුණු තනතුරුවලින් නොව, පළමුවැනි වතාවට මම දේශපාලනයට ඇවිල්ලා වසර 17 ට පසුව එජාපය ජයග‍්‍රාහී ගමනක් කරා මෙහෙයවීමේ පූර්ණ බලතල මට පවරා තිබීම ගැන බව මම ප‍්‍රකාශ කරන්නේ ආඩම්බරයෙන් සහ සතුටකිනි.

සමහරු මගෙන් අහනවා ඇයි නායකත්වයට ගියා නම් මීට වඩා හොඳයි නේද කියලා. හොඳයි ඒකේ ඇති වරදක් නෑ. හැබැයි නායකත්වයට යන කොට නොබෙදුණු ආකාරයට එක්සත් එක්සිත්ව යනවානම් තමයි හොඳ.

අද මේ රටේ ජනතාවගේ අපේක්ෂාව වී තිබෙන්නේ එජාපය දිනන මාර්ගය වෙත ගෙන යන්නට.

තනතුරු තාන්න මාන්න පට්ටන් ලැබුණා කියලා එකක් හොඳින් මතක තියා ගන්න. මම කිසිම පුද්ගලයෙකුගේ එහෙයියෙක් වෙන්නේ නෑ. මම කිසිම පුද්ගලයෙකුට එහෙමයි සර්, එහෙමයි මැඩම් කියාගෙන වැඳ වැටෙන්නේ නෑ. මම එහෙයි කියන්නේ අපේ පාක්ෂිකයින්ටත් අපේ රටේ ජනතාවටත් පමණයි.

අපට මොනවා තිබුණත් වැඩක් නෑ ජනතාවගේ කැමැත්ත ආශිර්වාදය නැත්නම්. මම හොඳාකාරවම දන්නවා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දොර ඇරලා පාරට බැස්සාම මට ඉහළ පිළිගැනීමක් තිබෙනවා. අදටත් මම නායකයා විය යුතුයි කියා කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළත් මන්ත‍්‍රී කණ්ඩායම තුළත් අදහසක් නෑ.

එම නිසා එජාපයට ආදරය කරන පුද්ගලයෙකු හැටියට මම කැමැතියි එජාපයේ සාමය, සමාදානය, අනාගත ජයග‍්‍රහණය පිළිබඳ බෙහොම පිරිසිදු චේතනාවක් තිබෙන පුද්ගලයෙකු විදිහට මම ලැස්තියි මගේ තාන්න, මාන්න පට්ටන් බලාපොරොත්තු, මගේ ඉදිරි ගමන මදකට පසෙක දමා පක්ෂයේ එකමුතු භාවය වෙනුවෙන් දර දිය අඳින්න.

මගේ පියාත් පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරේ හිටියා. එතුමා නියෝජ්‍ය නායකයා වෙනකොට එතුමාගේ වයස අවුරුදු 53 යි. මට තවම අවුරුදු 43 යි. මම අද එජාපයේ නියෝජ්‍ය නායකයා.

මං හිතන්නේ දේශපාලන ඉදිරි ගමනකට වයස එතරම් බලපාන්නේ නෑ කියලයි. බලපාන්නේ ජනතාවට සේවය කිරීමේ හැකියාවක් තිබෙනවාද, ජනතාව පිළිබඳ පිරිසිදු නිර්මල අදහස් උදහස් වලින් සමන්විත වූ දර්ශණයක් තිබෙනවාද, බොදු ජනතාව මේ රටේ රජවරුන් බවට පත් කරන්නට කෑදරකමක්, කුසගින්නක් තිබෙනවාද මේ රටේ ජනතාවට උසස් ජනතා ශක්තියක් ලබාදිමේ ඒකායන අරමුණක් තිබෙනවාද ඔන්න ඔය කරුණු කාරණා තමයි එකම සුදුසුකම විඳිහට බලපාන්නේ.

මෙම අවස්ථාවට මහා සංඝරත්නයද, බස්නාහිර පළාත් විපක්ෂ නායක මංජු ශ‍්‍රී අරංගල මහතාද, තවත් මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.

Email: outofboxsrilanka@gmail.com

Comments