Sunday, June 22, 2014

වාසි ලැබේ. භූමියෙන්

මව්බිම අනාවැකිය -

මේෂ
ගේ ‍ෙදාර මිලදී ගන්න අලුත්වැඩියා කරන්න අවධානයට යොමු විය හැකි අතර ගේ ‍ෙදාර සියලු කටයුතු සඳහා අවධානය යොමු වේ. මවගේ නෑදෑයන් හිතවතුන් මවු පාර්ශ්වයේ උදවිය හා සබඳතා දැඩිවන අතර උදව් උපකාරද ලැබිය හැකි වේ. වාහනවලින් ආදායම් ලබන්න වාහන මිලදී ගන්න, වාහන සම්බන්ධව කෙරෙන වැඩ කටයුතුවලින් ජය ලැබේ. ඉඩකඩම් සම්බන්ධ කටයුතු, පතල් කර්මාන්ත, භූමිය ආශි්‍රත ව්‍යාපාර ආදියෙහි නිරත උදවියට විශේෂ වාසි ලැබේ. භූමියෙන් වාසි ලැබිය හැකි ගොවිතැන් වගා කටයුතුවලින් වාසි ලැබිය හැකි කාලසීමාවකි. පපුවේ සෙම අමාරු යෙදිය හැකිය.


වෘෂභ
විදේශ ගමන් බලාපොරොත්තු වූවන්ගේ පැතුම් සඵල කරගත හැකිය. වන්දනා ගමන්, විනෝද ගමන් ආදී දුර බැහැර ගමන් යෙදිය හැකය. සහෝදර සබඳතා වැඩිදියුණු වීම්, සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබීම් සිදුවිය හැකිය. ස්වඋත්සාහයෙන් කරන කටයුතුවලින් ජයඵල ලැබේ. ව්‍යාපාර, වෙළහෙළ¼දාම් ඇරඹිම, වැදගත් තීන්දු තීරණ ගැනීම අලුත් වැඩකටයුතු ඇරඹීම ආදියට සුදුසුය. ලේඛන, ගුවන්විදුලි, රූපවාහිනී ආදී සන්නිවේදන ක්ෂේත්‍ර, රථවාහන හා සම්බන්ධ කටයුතුවල නිරත උදවියට ශුභඵල ලැබේ. හැකියාවන් වර්ධනය කරගත හැකිය. කෙටි ගමන් බිමන්ද යෙදේ.


මිථුන
ව්‍යාපාර කටයුතු, බැංකු කටයුතු, මුදල් හා සම්බන්ධ කටයුතුවල නිරත අයට වාසි සැලසේ. ඔබේ කතාබහ තුළින් ප්‍රයෝජන ලැබිය හැකි, අවධානය දිනාගත හැකි කාල සීමාවකි. පවතින ආදායම් මාර්ග සරු කරගත හැකි අතර නව ආදායම් මාර්ග ගොඩනඟා ගත හැකිය. දැනට පවතින අවහිරතා බොහෝ දුරට දුරු කරගත හැකිය. සහකාරියගෙන් ධනය ලැබිය හැකිය.


කටක
දැනුම, බුද්ධිය වර්ධනය කරගත හැකි අධ්‍යාපනික කටයුතුවල නිරත වූවන්ට උසස් ප්‍රතිඵල ලබාගත හැකි කාලසීමාවකි. හිසේ සෙමෙන් හටගන්නා රෝගාබාධවලින් පීඩාවට පත්විය හැකිය. බුද්ධිමත් තීන්දු, තීරණ ගන්නා, සොයා බලා කටයුතු කරන වාසනාවන්ත පරිච්ඡේදයකි. විවාහ බාධා දුරු වේ.


සිංහ
විදේශ ගමන්වලින් ලාභ ප්‍රයෝජන අත් වේ. දුර බැහැර ගමන් යෙදිය හැකිය. ගමන් බිමන්වලින් ලාභ ප්‍රයෝජන, වාසි යෙදිය හැකිය. නීති ගැටලු, නඩු හබ නිරාකරණය කරගැනීමට අවස්ථා සැලසේ. අධික වියදම් අවම කරගැනීමට හැකි වේ. ගෙදර ‍ෙදාර තුළ පී්‍රතියද, කටයුතුවල දියුණුවද දක්නට ලැබෙනු ඇත. ගේ ‍ෙදාර සම්බන්ධය අඩු වේ. ගමෙන් පිට ගමන් බිමන් යෙදේ.


කන්‍යා
අත මිට සරු වේ. ආදායම් වැඩිදියුණු කරගත හැකි අතර ආර්ථික වාසි සැලසේ. පවුලේ උදවිය නෑ සිය හිත මිතුරන් ආශ්‍රය කරන උදවිය සහෝදර සහෝදරියන්ගේ සබඳතා වැඩිදියුණු වීම, උදව් පදව් ලැබීම ආදිය සිදුවේ. මවුපසින් උදව් උපකාර හිමි වේ. විනෝද ගමන් යෙදිය හැකි අතර විදේශ ගමන්වලින්ද ශුභඵල අත් වේ. සියලු දියුණුව ලැබිය හැකිය.


තුලා
සතුරු කරදර විරුද්ධවාදීකම් පහව ගොස් සැනසීම උදා වේ. ආදායම් වර්ධනය වන අතර රැකියා වැඩිදියුණුව ව්‍යාපාර දියුණුව උදා වේ. උසස්වීම්, තනතුරු ලාභ, නම්බුනාම හිමිවිය හැකිය. කරන කියන කටයුතු, බලාපොරොත්තු, අභිමතාර්ථ සාර්ථක කරගැනීමට හොඳ කාල සීමාවකි. පාලන කටයුතුවල නිරත උදවියට යහපත්ය. සමාජයේ පිළිගැනීම ඇති වේ.


වෘශ්චික
ආගම දහමට අවධානය යොමු වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත අයට උසස් ප්‍රතිඵල ලැබිය හැකිය. ජලය නිසා අපල, කරදර, අනතුරු, රෝග, පීඩා ඇති විය හැකිය. පිය පාර්ශ්වයේ සහයෝගය, උදව් උපකාර ලැබිය හැකිය. සමාජ සේවා කටයුතු, පොත්පත් ආශි්‍රත කටයුතු මුද්‍රණ කටයුතු කරන උදවියට වාසිය, යහපත උදා වේ. විදේශ ගමන්වලට ශුභදායකය.


ධනු
සෞඛ්‍ය තත්ත්වය පිරිහීම, ලෙඩ රෝග නිසා අසහනයට පත්වීම සිදු විය හැකිය. මුත්‍රා, වකුගඩු, ගර්භාෂයේ, තුනටි, හන්දිපත් අමාරුවලට ඉඩ ඇත. මවුපසින් කටයුතු දියුණු කරගැනීමට උදව් උපකාර හිමි විය හැකිය. ශුභඵල අඩුය. ශාරීරික සෞඛ්‍ය රැකගත යුතු වේ. සොයා ගැනීමට අපහසු ලෙඩ දුක්වලට ගොදුරු විය හැකිය.


මකර
විදේශ ගමන්, දුර බැහැර ගමන්වලින් ලාභ ප්‍රයෝජන ලැබිය හැකිය. සහෝදරාදීන්ගෙන් උදව් උපකාර හිමි වේ. විවාහක අයට පී්‍රතිය උදාවන අතර පවුල් අවුල් වියවුල් දුරු වී අඹුසැමි සබඳතා වර්ධනය වේ. නව මිතුරු මිතුරියන් හඳුනාගැනීමට, ඇසුරු කිරීමට ඉඩ ප්‍රස්තාව හිමි වේ. මංගල යෝග උදා වේ.


කුම්භ
සතුරු කරදර, අමනාපකම්, විරුද්ධකම් පහවී යයි. ධනෝපායන මාර්ගEmail: outofboxsrilanka@gmail.com